Skip to content

Kasa Pupurana (Dalada Perahera)

Harshana Disanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කස පුපුරන හේවිසි බෙර නාදේ පාද සලං මිණි කිංකිණි තාලේ කැරෙකන ගිනි එළි අහසට විහිදේ පෙරහැර ළඟ එනවා දළදා පෙරහැර ළඟ එනවා... අම්මගේ කරපිට නංගී නැගීලා මට ඉහළින් මහ ඔලු ගෙඩි පිරිලා අහසින් ගිය බොරු කකුල්කාරයා විතරයි මට පෙනුණේ පෙරහැර නෑ දුටුවේ... කස පුපුරන... තාත්තාලාගේ කර උඩ පිට නැගලා යාළුවෝ හොඳ හැටි පෙරහැර බැලුවා යුධ ගිනි නිවලා තාත්තා ආවම පෙරහැර බලනවා මං ඊළඟ ඇහැළ මහේ... කස පුපුරන...