Nirmala
Rohana Baddage
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිර්මලා නම් දැරිය හිමි සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා
කුළ ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එළා
නිර්මලා නිර්මල නැතැයි මා ඔබෙ ලොවින් පිටමන් කළා
පන්තියෙ මිතුරන් එදා කළ විහිළුවෙන් හිත රිදුණු දා
මා හෙළූ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුණා
යුධ වැදී නෑසියන් බල මුළු අපේ ලොව ගිනි වැදුණුදා
මා හෙළූ කඳුළින් තෙමූ සළුපිළි තාම නැහැ වේලිලා
දොවා ලන්නට බැරි පීළි ගඳ කහට කුල මල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක දරන්නට බැහැ නිර්මලා
එදා සෙනෙහස නොකිළිටිව ඔබෙ හිත පුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ ඇඳුම් අතරේ තියනවා