Athagili Alla
Chalitha weerakkody
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අතැඟිලි අල්ලා තරුකැට පෙන්වා
හොරැහින් ඇත ඉඹලා
රස කවි කියලා ආදරේ කරලා
තුරුලේ මා නිදි කරවා
මා නලවා මා සනසා
ළඟ හිටියේ නුඹයි මගේ අම්මා
මග පෙන්වා මා රැකලා
පණ දුන්නේ නුඹයි මගේ තාත්තා
සතුටින්ම සැනසෙන්නේ දිවියේ
එක කඳුලක්වත් නොවැටෙන්න සදා
මා නලවා...
තරවටු කරලා මට සැර කරලා
හොරැහින් නුඹ ඇඬුවා
අකුරට යවලා හරි දේ පෙන්නා
සතුටින් මා දෙස බලලා
මා නලවා...
රජ වෙන්න සැනසෙන්න සසරේ
මගේ අම්මා මගේ තාත්තා
මා නලවා...