Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mal Perahara
Sangeeth Wijesuriya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මල් පෙරහැර එන්නා සේ හිඳිමී
ඔබ ම හද පුරා ඇවිදින සුව විඳිමී
ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යලි හිත හදා ගමී
සදහට පතා එමී
හඹා එමී
සදා ඔබම පතමී
ඕ, හෝ
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
නිල් එළි පෙල දැවෙනා සේ දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
හෝ, හෝ, හෝ
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ මා ලඟ නැවතී ඇති බව දුටිමී
ඒ සැප නිමක් නැතී
තාමත් පමා නැතී
ඔබෙ සිත බදා ගමී
සදහට සිනා සෙමී
සිනා සෙමී
සදා ඔබම පතමී
ඕ, ඕ, ඕ, හෝ
නිල් තරු බිම වැටිලා සේ දුටිමී
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී
සඳ රැජිණිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි, හෝ
හෝ, හෝ, හෝ
ගැල් පෙරහැර යන්නා සේ නිදමී
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී
පෙරහැර මා හැර ගිය බව දුටිමී
ඔබ ඉවත බලා ගිය දුක හා ගැටෙමී
ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
යළි හිත හදා ගමී
ඔබෙ සිත බදා ගමී
හඹා එමී
සදා ඔබම පතමී
හෝ, හෝ
මල් පෙරහැර එන්නා සේ දුටුවා
ඔබ ම හද පුරා ඇවිදින සුව වින්ඳා
පෙරහැර මා හැර ගිය බව දුටුවා
ඔබ අහක බලා ගිය පසු දුක් වින්ඳා
හෝ, හෝ, හෝ
තනනානේ