Ekkale Daiwayai
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා
නොලැබුමයි දෑඟිලෙන් බැඳෙන්නට කිසිදා
හමුවෙලා නැතේ පෙර ආත්මයේ ඔබ තරම් කිසිවෙක්
වෙන් වුණා නොවෙයි වෙන් කළා වගෙයි ඔබ මගේ දිවියෙන්...
තප්පරයක් ගානේම හිත හෙල්ලුවේ ඔයා
උහුලනු බැරි දුක හංගන් ඉහිලුවා සදා
මා සොයා එනවා නම් ඉන්නවා දුක දරා
තේරුණොත් මතු දිනේ මාගේ වේවි ඔයා...
එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා
නොලැබුමයි දෑඟිලෙන් බැඳෙන්නට කිසිදා...
නොලැබෙන ඔබ ගැන හිත හිත ගෙවෙනවා දිනත්
ආයෙත් ලොව දැකගන්නට ලැබේවිද වරක්
මා සොයා එනවා නම් ඉන්නවා දුක දරා
තේරුණොත් මතු දිනේ මාගේ වේවි ඔයා...
එක්කළේ දෛවයයි...