Ahasa Wage Mama Innai Hituwe
Dayan Witharana
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
අහසවගේ මම ඉන්නයි හිතුවේ
ඉර හඳ ගැන විශ්වාස තියා
පොලව වගේ මට ඉන්න සිදුවුනේ
ඉර හඳ ගැන දිවුරා නොකියා
කියන්න මම වෙන මොනවා කරන්නද
අපි හරි ආදරයෙන් හිටියා
කන්දට නැගි සඳ කඳු මල නොබලයි
තුරු හිස පිපි මල මුල ගැන නොසොයයි
මෙපමණ සෙවුවේ මම විතරයි
මෙපමණ සෙවුවේ මම විතරයි
සිඳු රළ පහරින් වෙරළට නොරිදෙයි
ඔරුවක හබලින් ගඟ දිය නොරිදෙයි
මෙපමණ රිදුනේ මට විතරයි
මෙපමණ රිදුනේ මට විතරයි