Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Poddiye
Sadara Bandara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
පොඩ්ඩියේ
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්
නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන්
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට
දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට