Manamaliye
Tehan Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හාදුවක් තියලා කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා ආදරෙයි කීවා
කවියක් වගේ අපගේ සෙනේ
නදියක් වගේ නොසිදෙයි ලයේ
මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
(සුවඳයි අපගේ ආදරේ)....//
සෝසුසුම් නිවලා හාදකම් වැහැලා
ජීවිතේ හොයලා යන්න යං පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලඳේ
දියතක් දුරින් මුමුනයි සඳේ
(මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ
සුවඳයි අපගේ ආදරේ)...//