Me Mawathe
Stereomiinds
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හිරු අවරට යන
යාමේ මේ දිහා
මං මාවත් පුරා
සයිකල් සීනු හැඬවුණා
නෑ සෝ තැවුල් අප සිත්වල
සිනහා ඉතිරුණා
මුදු වෙරළේ පා නගා
සෙල්ලම් කරමින් කල් ගෙවා
සියොතුන් විසිරී ආකාසේ
දුර ඈත ක්ෂිතිජයට පියැඹුවා
එක රෑනේ යළි පියඹන්නේ
කවදාදෝ මා සිත විමසුවා
ඒ මාවතේ අප බාලේ මතකේ ලියැවුණා
මිතුරන් ලෙසින් එක් වී
සොයුරන් සේ අපි වෙන් වුණා
සිනාවන් ගෙනා ඒ මතකේ සැමදා රැව් දෙනා
අතීතෙන් හමා එන සුළගේ පාවී යාවී මා
අත් වැල් පැටලී මා ඈ හා
ආලේ මට හමුවුණා
ගතවූ මොහොතක් පාසා
මා ජීවේ සුව වින්දා
දෑසේ කඳුලැල් නෑ නේ මා
මතකේ මිහිරියි එදා
හමනා සුළඟේ ඈ සුවඳත් ඒ හමා
ඒ මතකේ මා හද රන්දා
ඈ සුරලොව ඉම වෙත පියැඹුවා
ඈ නිදනා නුග ගස් හෙවනේ
කැමෙලියා මල් සුවඳ නැහැවුණා
ඒ මාවතේ අප බාලේ මතකේ ලියැවුණා
මිතුරන් ලෙසින් එක් වී
සොයුරන් සේ අපි වෙන් වුණා
සිනාවන් ගෙනා ඒ මතකේ සැමදා රැව් දෙනා
අතීතෙන් හමා එන සුළගේ පාවී යාවී මා
(අතීතෙන් හමා එන සුළගේ පාවී ආවේ මා)