Sihinayak Mawna
Nuwandhika Senarathne
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සිහිනයක් මැවුනා
කාලයක් ගෙවුනා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා
පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතඟේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ
මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ....//
සිහිනයක් මැවුනා....
යහන මත වැතිරී මවන පෙම් සිහිනේ
දැනෙන සුව ඉතිරී හැඟෙන මේ රහසේ
(සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි)..//
පතන්නේ මා මේ මිහිතලේ
දැහැන මත ඇතිරී දැනෙන සුව සහනේ
අහස දුර විසිරී මැවන රෑ තරුසේ
(සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි)..//
පතන්නේ මා මේ මිහිතලේ
සිහිනයක් මැවුනා....