Ridawannata Ayemath
Udaya Sri Wickramasinghe
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා
ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා
අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා
අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා
මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා
අපේ සෙනෙහසේ සටහන් තියා ගන්නෙපා
හිතේ හැගුම් කැටි කරලා කදුළු බිඳක දිය කරලා
නෙතු හරින්න යයි ගලලා නවතන්නෙපා
අතර මඟදී හමුවීලා දුටුවෝතින් මඟ හැරලා
ඔයා යන්න පිටුපාලා යළි බලන්නෙපා
ඔබට නොදැනී සැඟවිලා පෙනෙන දුකර ඉමි රැඳිලා
ඉතින් ඉන්න හිනැහීලා මා සොයන්නෙපා
රිදවන්නට ආයේමත් ....