Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Rana Derane
Nanda Malini
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
රණ දෙරණේ ගිණි අවි ගත්
යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ
සුරැකිය යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොරදෙන
ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත්
පංතිය බව සිතට ගනුව
ඉලක්කයට ලක්වන විට
රුදු මරණයේ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක්
වරද කිමැයි ඔහුගේ රුදුරු
වැටුපට මිනී මරණ දනන්
නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද
කුමටද නුඹ පලදින තරු
රණ දෙරණේ ගිණි අවි ගත්
යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ
සුරැකිය යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොරදෙන
ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත්
පංතිය බව සිතට ගනුව
මානන ගිණිදණ්ඩ තුළින්
පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින
නහර පිනන රස අහාරය
උන්ගේ පහට නිදොස් දනන්
මරතොත් යුධ සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට
නැගෙන්ට යන නව අරුණය