Skip to content

Hemin Sare Tharu Eliyaka

Kushani Sandareka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

‍හෙමින් සැ‍රේ තරු එළියක කිරණ දිගේ එන්නම් ඔබේ ළඟින් නැවතීලා ජීවි‍තේ ‍සොයන්නම් // නිමේ තරණ නිල් ‍දෙ‍නෙ‍තේ අතුරට කිමිදෙන්නම් හැඟුම්වලට ඉඩදීලා යහ‍නේ වැතිරෙන්නම් ආදර‍යේ ගැඹුරු අරුත් මට වැටහෙන් නෑ ම‍‍ගෙ තොල්පෙති ආදරයෙන් සිපගන්නවනම් // හෙමින් සැරේ .... අඳුර ගලාගෙන එනකොට ඔබ ළඟ දැව‍ටෙන්නම් ඈත ‍පේන සඳ මඩලට කවි පද ගලපන්නම් නිදිමත ඇස් පිය වෙනකන් මං හුරතල් වෙන්නම් හිමිදිරි‍යේ ගිනි කඳුලක් තියා මැකී යන්නම් // හෙමින් සැරේ ....