Pura Poya Handa
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පුර පෝය හඳ විතරක් එවා
නුඹ නෑවිදින් හිටියට ගමේ
අමනාපයක් නෑ දරුවනේ
යහතින්ද නුඹලා සෙයිලමේ
සතපා උකුළේ උණුහුමේ අම්මා මිහිරියට ගැයූ
මමයි පුතේ ඒ කවියා නැළැවිලි ගී ලියූ
දුක්බර කවි කොයි තරම්ද මේ දිවිමග ලියූ
නුඹට ඇහෙන්නට නොතබා මම රහසින්ම ගැයූ
නෙළා දෙන්න අත දිග මදි වුණාට ඉර හඳ තරු පොකුරු
ගතේ වෙහෙස මවු කිරිවල උල්පත කොට දුනි සරු
නුඹලා නමින්ම පේවනු මිස හසරැලි දකින තුරු
පතා නොසිටියෙමි කිසිදා බුදුබව පියවරු