Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Nube Unusum Haduwen
Siyumini Opayangi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
නුඹේ උණුසුම් හාදුවෙන්
මගේ හිත පිරි මදින්න
ආදරේ තව සියුම් තැන් ඇති
ලංවෙලා මට කියන්න
යන්තමට හරි නුඹට හිතුනොත්
මගේ හිත මග හරින්න
මතක පැන් ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහින්න
ඉතින් අපි ආ දුර බොහෝමයි
දරාගෙන අපි අපිවම
හිතේ ගැඹුරුම තැනක ලිව්වා
මගේ ප්රේමය නුබටම
කඩන් වැටෙනා පුංචි තරුවක්
දෙස බලන් මම හිතන්නම්
සසර ගනුදෙනු ඉවර වෙනකම්
නුඹම විතරක් පතන්නම්
හිතේ කකියන හුගක් දේවල්
ඇස් පියන් මට කියන්න
නුඹයි හිටියේ මගේ තනියට
මගේ කියලා දැනෙන්න
නුඹයි ආවේ මා සොයාගෙන
ආදරේ කවි ලියන්න
මගේ හිත ළග නතර උනෙ ඇයි
කවද හරි මට කියන්න