Ma Gawin
JayaSri
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මා ගාවින් ඇවිත් රෑ හීනයේ
නුඹ ලඟින් සිටි වේලයේ කී රහසේ
ආදරයේ හුඟක් දේ තිබුනා
මට හොඳින් එය දැනුනා ඒ මොහොතේ
ඒ කාලෙත් නුඹයි මගෙ හීනේ
මේ කාලෙත් නුඹයි මගෙ හීනේ
නෑ වෙන්වී යන්නේ කිසිදා හිත ලඟින්
නුඹ මාගෙන් ගියත් දුර වෙන්වී
මම තාමත් නුඹෙන් නෑ වෙන්වී
රෑ හීනේ ඉන්නේ සැමදා නුඹ ලඟින්
දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා
ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා
සාගරයේ රළින් රළ පෙරලී
අවාසේ දුකින් හිත පිරුනි ආදරයේ
නුඹ මාගේ ලඟින් උන් කාලේ
සඳසාවී සඳයි සේ උන්නේ අපි පෑහී
යලි ආවොත් ලඟින් නුඹ හිඳුවා
සතපන්නම් ආදරෙන් නාවා
මේ වාගේ මා නම් සැමදා ආදරේ
ලඟ නැතිවට අදත් මගෙ ලඟමයි
මගෙ නොවුනට තවත් නුඹ මගෙමයි
ඒ හීනේ යන්නෑ කිසිදා ජීවිතේ
දන්නා කාගෙනුත් නුඹ කොයිදැයි මම ඇසුවා
ඒ කොයි කවුරුත් නුඹ ගැන නොදනී මට කීවා