Skip to content

Rahasin Kiyanna

Shanika Madumali, Harshana Disanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රහසින් කියන්න බලන්න දැනෙන්න හරින්න සෙනෙහේ නෙතඟින් සැලෙන්න සලන්න කියන්න බැරි වුණ සෙනෙහේ ආදරෙන් හිනැහිලා උණුහුමින් දැවටිලා ඔබ තමයි ජීවිතේ මා පැතූ ආදරේ........ රුව මැවෙන තරම් හද කොනක හොරෙන් රස දැනෙන තරම් ඔය දෙතොල් වලින් සඳ හොරෙන් ඇවිත් රැය යන්න ගිහින් නුඹ ළඟට ඇවිත් මම ඉන්නේ තුටින් මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........ දස දහස් වරක් මම පතමි යළිත් ඔබ දුරස් වුණොත් ඉකි බිඳි සිතත් නෙතු හෙමින් සැලී පෙම පතයි මෙසේ ඔබ තමයි මගේ හිරු කිරණ ලොවේ මියුරුයි ගී පද නුඹ ගයනා අරුතක් වී එය නිති සරනා හුස්මක් වී ඔබ ළඟ ඉඳලා ගලපා දෙන්නම් ආදරේ........ රහසින් කියන්න......