Pini Wasi Athare
Sadasi Wickramarathna
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පිනි වැසි අතරේ මැවුනු සිනාවක්
අද මා සිත රවටා
කියාගන්න බැරි ආදරයක් ඇත
මා ඔහු හා තනිවීලා
ආලයකින් පිරි මාගේ හදවත
ඔහුගේ රිද්මය හා ගැහෙනා
තනිකම මකන්න කාලය හරි දැන්
ආදරයක් ඇතිවීලා
දඟකාරකම් හැඩකාරකම්
මා සිත ඇද බැඳ ගන්නා
මනමාලකම් තව පානකම්
මා රෑ නොනිදා බලනා
ස්වේත මීදුමේ ගුලිවී අද මම
ඔහුගේ උණුහුම තව සොයනා
මායම් පිරිච්ච කුළුඳුල් හීනේ
සතුටින් අද පියඹනවා
ආදරෙ කරන්නෙ ඔබටම හින්දා
ඉරිසියාවක් ඉපදීලා
තරහ රණ්ඩු වී ආයෙ යාළු වී
ඉන්නේ ඔබ මගෙ හන්දා
(දඟකාරකම් හැඩකාරකම්
මා සිත ඇද බැඳ ගන්නා
මනමාලකම් තව පානකම්
මා රෑ නොනිදා බලනා)....//