Skip to content

Ma Wetha Enna

Kanchana Anuradhi Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මව්බිම රකින්නේ ජවයේ බලයෙන්ය යෝධ සවිය ලැබුනේ දෙවි පිහිටෙන්ය දහදුක් විදෙන්නේ අප සැම වෙනුවෙන්ය මා ජීවත් වුනේ ලද පිය සෙනෙහෙන්ය මොලකැටි වදන් ඔබේ සවට තෙපලන්න මා හඬනා විට තුරුලට අරගන්න ඔබ දන ගැසූ විට අලියා පිට යන්න මතකයි බලා උන් හැටි මා නැලවෙන්න තුරුලට වෙලා පිය උණුහුම විඳ ගන්න පින් මදිවෙන්න ඇති උකුලට වී ඉන්න එල්ලී ඇඟිල්ලේ ඉස්කෝලෙට යන්න මැව්වෙමි සිහින සඟවා කඳුලැලි ගොන්න තව තව ජවය ලැබ සතුරන් මැඩලන්න මව්බිම රැක ගන්න එහි කිසරිඳු වෙන්න මා තුරුලට අරන් පිය උණුහුම දෙන්න මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න