Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Madahas Paalama
Thilina Ruhunage
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
දැනුණා
ජීවිතේ පිරුණා
නවතින්න නො අසා ළමැදේ ඉඩ දුන්නේ කවුරුන් දෝ
සිත දුන්නෙ නෑ ඉන්නත් පිටුපා
මට මේ තරම් බර සුසුමක්
බොරුවක් කියන්නට ඇති දෝ
නිස්කාරණේ
සිමා බඳීවී අලුතෙන්
සංසාරෙ දුටු කාලේ දැනුණා ම හුරු පුරුදු
ඔය ඇස් කතා කෙරුවා දැවටී
අදහන්න හැකි දෝ කියලා
මම මාගෙන්ම අහපු
බව දන්නේ නෑ
ඔබ දන්නවාද කියලා
මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පිය මැන්නා
දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
මෙතුවක් ඈතට මා ගෙන ආවට දැනුණේ නෑ සීමා
සඳ ගත් රැයකදි තාරුකා සරදම් ඉවසා
හිරිකඩ සීතල ගෑවිලා ආදරේ දැනුණා
දැනුණා
ජීවිතේ දැනුණා