Osawa Yana Se Patawun
Sinhala Hymn
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඔසවා යන සේ පැටවුන් රාජාලියා උගේ
පියාපත් මත තබා මතු ඔබේ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා
මා හදවත සාමයෙන් සපිරේ
ඔබ අත පැවතී මේ දිවිය පුරා මා ආ
ඔබ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මම ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා
ඔසවා යන සේ...
ඔබ සුරැකි දෑත් අතරේ තබා
නළවන බිළිඳෙකු මෙන් ආත්මේ මගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ
ඔසවා යන සේ...
දිස්වෙයි හද මැද දුබලකම් මගේ
දිවි ගමනේ පරාජය දැනේ මට දැනේ
ඔබ සෙමින් නැගිටුවා මා එසවූයේ
නොමග දිවි මගේ හැපී සිටි මා
ඔසවා යන සේ...