Skip to content

Sihinoweido Obata Ma

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිහි නොවෙයිදෝ ඔබට මා ඊයෙ වනතුරු පෙම් කළා. දෑස හඬවා දෑත හැරදා ඔබට පෙම් කළ සිතම රිදවා. ආදරේ මගෙ හැර දමා ඔහුට හිමි වී ඔබ ගියා. නෑ බලන්නේ එදා වගේ ආදරේ උතුරනා දෑසින්. නෑ බලන්නේ එදා වගේ ආදරේ උතුරනා දෑසින්. ඔබ හිඳින්නේ ළඟම ඔහුගේ නොදුටු සේ මා ඉවත බලමින්. මගේ හදවත පාරලා ඔබ හිඳී ඔහුගේ වෙලා. සිහි නොවෙයිදෝ ඔබට මා ඊයෙ වනතුරු පෙම් කළා. නෑ ඉතිං මට හිතක් ආයේ පෙම් කරන්නට ඔබට වාගේ. නෑ ඉතිං මට හිතක් ආයේ පෙම් කරන්නට ඔබට වාගේ. ඉඳිනු මැන සතුටින් සදා ජීවිතේ හැම දේ ලබා. ආදරේ මගෙ හැර දමා ගියත් නෑ තරහා වෙලා සිහි නොවෙයිදෝ ඔබට මා ඊයෙ වනතුරු පෙම් කළා. දෑස හඬවා දෑත හැරදා ඔබට පෙම් කළ සිතම රිදවා. ආදරේ මගෙ හැර දමා ඔහුට හිමි වී ඔබ ගියා. - ජූඩ් රෝගන්ස්