Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dhakunu Athe
Gayya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
තාලෙට ඇගෙ හැඩ ඉඟ පැද්දෙනවා
දිය ඇල්ල වගේ කොන්ඩෙ සැලෙනවා
තරු කැට වගෙ ඇස් දෙක දිලිසෙනවා
දුවලා ගිහින් වඩාගන්න හිතෙනවා
ඒ ගැන ඇය දන්නවා
හොඳටම දන්නවා
ඇය දැන දැන මගෙ දිහා හොරෙන් බලනවා
සමහර විට හිතෙනවා
අම්මපා මට හිතෙනවා
අපේ නෝන දික්කසාද කරලා එන්න හිතෙනවා
පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ
මිදි තිත්තයි කිවු නරියෙක් වෙන්නත් බෑ (මට බෑ)
අපායෙ යන පව් වැඩ මම කරන්නෙ නෑ
ඇඟටම එනකොට අත අරින්නටත් බෑ
තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ
ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ (අයියෝ, දැන් බෑ)
දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ
කෙල්ලේ
උඹ ගැන හිතල හිතල
දකුණු අතේ (මොකේ?)
මගේ දකුණු අතේ රේඛාවල් නෑ
හීනෙනුත් ඇගේ රූපෙ මැවෙනවා
කන් දෙකේ ඇගෙ කටහඬ රැව් දෙනවා
හිනහ වෙනකොට කල එළිය වැටෙනවා
දුක් කරදර මගෙ අමතක වෙනවා
ඒ ගැන ඇය දන්නවා
හොඳටම දන්නවා
ඇය දැන දැන මගෙ දිහා හොරෙන් බලනවා
සමහර විට හිතෙනවා
අම්මපා, මට හිතෙනවා
අපේ නෝන දික්කසාද කරලා එන්න හිතෙනවා
පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ
මිදි තිත්තයි කිව් නරියෙක් වෙන්නත් බෑ (මට බෑ)
අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ
ඇඟටම එනකොට අත අරින්නටත් බෑ
තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ
ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ (අයියෝ, දැන් බෑ)
දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ
කෙල්ලේ
උඹ ගැන හිතල, හිතල
දකුණු අතේ රේඛාවල් නෑ
හිත එක්තැන් කරගන්නට මට බෑ
මට බෑ
මට බෑ
හරි හැටි නින්දක් නෑ
සිහිවෙනවා තුන්තිස් පැය මට ඈ
මට ඈ
මට ඈ (මට ඈ)
ප්රශ්නෙට විසඳුම කා ළඟවත් නෑ
තව කොපමණ කල් ඉවසන් ඉන්නට පුළුවන් වෙයි දෝ?
මම දන්නෙ නෑ
දන්නෙ නෑ, නෑ, නෑ, නෑ
පන්සිල් පද කඩන්න හිත මට දෙන්නෑ
මිදි තිත්තයි කිවු නරියෙක් වෙන්නත් බෑ
අපායෙ යන පවු වැඩ මම කරන්නෙ නෑ
ඇඟටම එනකොට අත අරින්නටත් බෑ, බෑ, බෑ
තනිකඩ කාලෙ මතක් වෙනව දිවා රෑ (දිවා රෑ, දිවා රෑ, දිවා රෑ)
ඒ වගෙ සෙල්ලම් දැන් මට දාන්න බෑ (බෑ, බෑ, බෑ)
දෙන දෙයියොත් දෙනකොට වෙලාව හරි නෑ
කෙල්ලේ
උඹ ගැන හිතල හිතල
දකුණු අතේ... (මොකේ?)
මගේ දකුණු අතේ රේඛාවල් නෑ