Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Senkadagala Nuwarata
Dinesh Gamage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළඟේ පාවූ
අහසත් කලු වී
අකුණුත් බොඳ වී
කඳුලේ පැටලී තනිවී
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තනිව
වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වී
අකුණුත් බොඳ වී
කඳුලේ පැටලී තනිවී
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
රොබරෝසියා වැටුණු අසුනක් ලඟ හවස
පරවුණු ප්රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉඳහිට පහුවෙනකොට තවමත් වැව රවුම
ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ
සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට