Skip to content

Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam)

Nelu Adhikari, Kashyapa Dissanayaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම්.... හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරක්.... සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා....// අහසට සොඳුරුද.... හිත මැද පෙම්බරකම්.... සොඳුරුද මා හට ඔබ කෙතරම් අන්සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සඳ වේ ලතැවුල්..... තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ බිලිඳුන් නිදි නෑ මං යනවා...// අහසට සොඳුරුද.... හිත මැද පෙම්බරකම්....