Man Marunu Dawasata - Re Produced Version
Emris manu
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුදු ඇදුමක් අන්දල මට මිනියේ
කට්ටිය අඩනව දැන් ලහි ලහියේ
පණ නැති මම අද කලුවරෙ කුටියේ
භූමදානෙ ඉරිදට මගෙ මළ දිනයේ...
කාළකණ්ණි ලෝකෙ මං හිටිය දැන් කාලයක්
යන්න ඕන වෙලාවට මටත් ආව වාරයක්
පිංතූරෙට දාල නේද මල් මාලයක්
සීතල මුසුවුණු නිමේශයක නැති ප්රාණයක්
කවුරුත් නෑඩො අද මම පෙට්ටියෙ තනියෙන්
මඩු පිටිපස්සෙ කොල්ලො වෙරි වෙල පැණියෙන්
හාමුදුරුවො බණ කියනව ඇති සැටියෙන්
මගෙ මළගම ගැන කතාව කෙටියෙන්
ඕනතරං හිටපු උන්ට අමතකයි මාව
රූපය දිනෙන් දින දිරනව තාමක්
දුක පමණයි යකෝ සසර කතාව
වලලපං මාවත් මගෙ තාත්තා ගාව
මං මැරුණු දවසට එයි ගං හතකට සෙනග
අඩයි දවස් හතකට...
මතකෙට විතරක් එක අතකට වෙනසක් සොයං එයි කට්ටිය හවසට...
මිනිය තියං ගෑනු අරී බේගාල් - කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතාල්...
සාද පාරාදීස හෝටාල් - මගෙ මලගෙදරම කරයි මල කෝළාං...
වැලි වලිං තොපි යට කරනව මාව
කරපු වැරදි වලට අම්මෙ දෙන්න සමාව
අඩනව මල්ලි මගෙ මල් වඩම් ගාව
රෑට කතාබහ තමා හොල්මන් රාව
බුදුබණ පමණයි නැත අන් සරණා
බණපද සිසිලෙන් මගෙ සිත නිවුනා
පින පව මත මම යන තැන සිතනා
ගිනියම් වුණ සිතෙ ධ්යාණය වැඩුණා
ගැලවුම ගැලපුම අතුරෙන් නිවන
එක කුසෙ ඉපදිල අපි දෙන්න වැඩුන
නිසලයි මල්ලියෙ පවසමි දුකින
සමුගමි මල්ලියෙ හද පාරමින
කවුද උස්සන් යන්නෙ මාව ගහපං මලබෙර
සමුගැනිම් සාදේ කලු සුසානෙට පෙර
එක එකා එද්දි දැන් මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවෙ ජීවිතෙ මේ දුර...
මං මැරුණු දවසට එයි ගං හතකට සෙනග
අඩයි දවස් හතකට...
මතකෙට විතරක් එක අතකට වෙනසක් සොයං එයි කට්ටිය හවසට...
මිනිය තියං ගෑනු අරී බේගාල් - කාඩ් කුට්ටම පිරිමි සොයයි බෝතාල්...
සාද පාරාදීස හෝටාල් - මගෙ මලගෙදරම කරයි මල කෝළාං...