Massina
Daddy
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකං
අපි කාටත් ඇති සෙනසුරාදාව
මගෙ සතියේ දිනයක් නොවන බවට
මම ආදරෙ කරන්න
පටන් ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තයෙ සිට මට නිවාඩුවට
මගෙ මස්සිනා ආවම සිරකර නංගිව
අසාධාරණව
සෙනසුරාදාව අපගෙන් වෙන්කලා
ශනිදාවන්ට හමුනොවුණත්
අනිකුත් හැම දිනයක්ම
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකං
ඉර පායන් නෑ සෙනසුරාදාට
මම හිනැහෙන් නෑ සෙනසුරාදාට
මම කන්නෙත් නෑ
මම බොන්නෙත් නෑ
මට වැඩකුත් නෑ සෙනසුරාදාව
කිසි ගතියක් නෑ සෙනසුරාදාට
මට නින්දක් නෑ සෙනසුරාදාට
මගෙ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ
මස්සිනා ඉන්නකල්
ශනිදාවන්ට හමුනොවුණත්
අනිකුත් හැම දිනයක්ම
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්නකං
ඉරිදාට පල්ලියෙදි
සඳුදාට පන්තියෙදි
අඟහරුවාදත් ඔබව
යලි හමුවෙමි
බදා බ්රහස්පතින්දා
සිපගන්නම් සිකුරාදාට
ශනිදාවක් නෑ අපට
මගෙ මස්සිනා ඉන්න
මගෙ මස්සිනා යන්න
මගෙ මස්සිනා ඉන්නකං