Pinbime
Dhanushka Sujath
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
නේක ජාති නේක වර්ණ වර්ග බිහි වෙලා
මුතු ඇටයේ දිස්නය දැන් අඩුවී යනවා
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
ජාති ජාති බෙදිලා වර්ග වර්ග බිඳිලා
හැකි හැකි ඈයෝ වාසි ගන්නවා
පාට පාට බෙදිලා එකමුතු බව නැසිලා
වාසිය ඇත්නම් කාසිය ඇත්නම්
හදවත කුමදට අවුල් හොඳටම කනවා
යුක්තිය කෝ දූපතේ
යන්නේ ඇයි හිතුමතේ
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
හීන හීන මවලා ජාති ජාති කියලා
හැකි හැකි ඈයෝ වාසි ගන්නවා
පාඩු පාඩු ලබලා අතමිට නිසරු වෙලා
වාසිය ඇත්නම්.. වාසිය ඇත්නම්
හදවත කුමටද කවුරුත් හොඳටම කනවා
සතුටක් කෝ දූපතේ
යන්නේ ඇයි හිතුමතේ
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ
නේක ජාති නේක වර්ණ වර්ග බිහි වෙලා
මුතු ඇටයේ දිස්නය දැන් අඩුවී යනවා
පින්බිමේ මුතු ඇටයට කිම උනේ
යාමගේ කොතැනද අඩුවක් දැනේ