Skip to content

Bamuna Unath

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනූ සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනූ හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූ දෙමලා උනත් විරුවෙකු නම් ගරු කරනූ බුදු හිමි, ජේසු හිමි, නබි හිමි, වැඳ පුඳනූ දෑ ගොත් කුළ නොදුටු උන් බණ පිළිපදිනූ වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනූ වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනූ සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ පාවා දෙන එවුන් මූනට කෙල ගසනූ කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ රජකුගෙ උවත් වරදට කෑ මොර ගසනූ මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ