Skip to content

Aya Yanna Giya

Amarasiri Peiris - Topic
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරෙ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා නිල්ල නෙලන නිල් කඳු වැටි අතරේ සඳ එළියේ මන්පෙත පා... දා... රහසක් සඟවා ගොලු වූ හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරෙ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා යළි කවදාවත් හමු නොවනා බව මද පවනක් හිස අත ගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරෙ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා