Manaloli Manamaliye
Rohana Weerasinghe, Rookantha Gunathilake, Chandralekha Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී
පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ
ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිඳ වූයේ
දෙනෙතේ දල්වාලා සෙනේ
ඔබ සුව ගේනා
සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ