Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Athmaye Ma
Stereomiinds
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සායම් බොඳ වූ නගරේ
මසුරන් සොයමින් ඇදෙනා
සලෙලුන් හැඟුමන් මුදනා
නෙක මර දූවරු ඇති යහනා
මායම් පිරි මේ අඹරේ
සැණකෙළි රූ හිත දවනා
මධුවිත පිරෙනා ඇඳිවත නැසෙනා
රාගේ මායාවක්
දුර ගව් ඈත සිතිජයකින් පාවී ආවේ මා
මරු වැල් පිරුණු යම කතරේ පිපි ඒ පියුම සොයා
නිතඹ සැලෙනා රන් සළු ඉරුණු දෙව්ලිය වන් අඟනා
ශෘංගාර නෙතඟින් මා දෙස බලා
රඟදෙන්නා
රඟදෙන්නා
නෙත් කැළුම් පිපුණු රන් සඳවත
හෙලනා රාග හැඟුමන් මා වෙත
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්
නාරි රඟනා ඉම වෙත
කාසි අහුරක් විසිකර
දිවැසින් මාන බලමින් ඈ දෙස
පැතුවා විඳගන්න නා දෙතොලේ
සුසුමින් උණුහුම් මදහස
तुरिया तुरिया जंदेटेरे
मोडे ते बंधुके वे
තුරුණු හදේහී ලියවී
ගැයු ගීයක රස දැනුනා
යුගයෙන් යුගයට දැල්වුණු ආශා
දෙනෙතේ රූ ඇඳුනා
පායා ආ සඳ සේදී
කාලේ තිමිරෙන් වැසුනා
වියපත් හදවත සුසුමක් හිරකර
සිතිජය වෙත ඇදුනා
නෙතු සිල් බිඳින මත් කරන ළඳුනේ මා දකිනා
ඒ ශෘංගාර ගත විඳින හද රාගෙන් දැවුනා
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා
සැරිසරා ආත්මයේ මා
ඔබ සොයනා
ඔබ සොයනා
නෙත් කැළුම් පිපුණු රන් සඳවත
හෙලනා රාග හැඟුමන් මා වෙත
ඇදුනා මාගෙ දෙනුවන් කෝල බැල්මෙන්
නාරි රඟනා ඉම වෙත
කාසි අහුරක් විසිකර
දිවැසින් මාන බලමින් ඈ දෙස
පැතුවා විඳගන්න නා දෙතොලේ
සුසුමින් උණුහුම් මදහස
तुरिया तुरिया जंदेटेरे
मोडे ते बंधुके वे
නෙතු සිල් බිඳින මත් කරන ළඳුනේ මා දකිනා
ඒ ශෘංගාර ගත විඳින හද රාගෙන් දැවුනා
මල් මකරන්ද රොන් පතන වියපත් වූ බඹරා
සැරිසරා ආත්මයේ මා
ඔබ සොයනා
ඔබ සොයනා
तुरिया तुरिया जंदेटेरे
मोडे ते बंधुके वे
සැරිසරා ආත්මයේ මා
ඔබ සොයනා
तुरिया तुरिया जंदेटेरे
मोडे ते बंधुके वे
සැරිසරා ආත්මයේ මා
ඔබ සොයනා