Skip to content

Kadamandiye Dola Ayne

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී