Skip to content

Liyu Kawi Pada

Uresha Ravihari, Krishantha Erandaka
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලියු කවි පද හදක් අතරේ ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා මං... නුඹේ සුවඳ රැඳී පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං... තවම පතනවා මං... උණුසුමක් රැඳී පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම් මගේ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනම්... සඳවතක රැඳී සඳළු තලයක තරු කැටක් වී වැටුණු දවසක ලතැක් සෙනෙහස නුඹේ සිත ළඟ රැඳී නොතිබූණි නම් මගේ දරදඬු පිරිමි හිත යට කඳුළු නෑ එහෙනම්... ලියු කවි පද... නුඹේ සුවඳ රැඳී...