Hadawatha Pathule
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
තරු නිවා දමා සඳ සිසිල සොයා සැනහෙන්නට මං ආවා
සිත පුරුදු තැනක් කල් ගෙවී ගියත් තනි වී ඉන්නට සිතුණා
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා
පංතිය පාළුයි කවුරුත් නෑ අද අඳුර වැටී හිත හඬවනවා
මැවී මැවී ඒ සොඳුරැ අතීතය සිනා හඬින් මා පුබුදනවා
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා
දඟවැඩ සිහිවී කඳුළු නැගෙනවා කවුරුන්දෝ ළඟ ඉන්නේ
දුර ඉගිලී ගිය යහළුවනේ අද කවදද අපි හමුවන්නේ
හදවත පතුලේ සදා මගේ පාසල ළඟට වෙලා
ජීවිතේ තිබෙන තුරා මම යන්නෑ දුරස් වෙලා //