Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Awakashaye
Stereomiinds
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
තාරකා දූවිල්ලක පාවේ
දැවී අලු වී අවකාශේ
ධූම වර්ශා කැළඹී ආවේ
හීන මන්දාකිණි ඇස් මානේ
ඔබව සොයමින් මේ කතරේ
මියුරු සුවඳේ පැටලී ආවේ
මාරුතේ අඳුරින් මා වෙලනා
මාවතේ අප එක්වී සරනා
සිතිජ රේඛාවේ ගිනිසිලු නිවෙනා
දැවී දැවී මියැදෙනා
සක්වල තරණය කරමි මා
සොයනෙමී හුරු ඒ දෑසේ චායා
ගගන කළඹා මා ඇදී
මේඝ වර්ශා ඒ නැගී
නොසැලෙමී සොඳුරේ ප්රේමෙන් මා
මිලීන තාරුකා නදී සරනා
හඬා වැටී විඩා රුහිරු ගලනා
හඹා අනන්තයේ ඔබව සොයනා
ගෙවා ආලෝකවර්ශ දුර ඇදුණා
නුරා සිහින මවාන සඳ දිලුනා
පෙලා අඳුරු වලා මහද සැලෙනා
නිම් වලා තිර පසු කර ඇදෙනා
තාරකා සයනේ ඔබ නිදනා
යාත්රිකයා මා වෙමි පෙම සොයනා
දැවී දැවී මියැදෙනා
සක්වල තරණය කරමි මා
සොයනෙමී හුරු ඒ දෑසේ චායා
ගගන කළඹා මා ඇදී
මේඝ වර්ශා ඒ නැගී
නොසැලෙමී සොඳුරේ ප්රේමෙන් මා
(තාරකා දූවිල්ලක පාවේ)
(ධූම වර්ශා කැළඹී ආවේ)
මාරුතේ අඳුරින් මා වෙලනා
මාවතේ අප එක්වී සරනා
සිතිජ රේඛාවේ ගිනිසිලු නිවෙනා
දැවී දැවී මියැදෙනා
සක්වල තරණය කරමි මා
සොයනෙමී හුරු ඒ දෑසේ චායා
ගගන කළඹා මා ඇදී
මේඝ වර්ශා ඒ නැගී
නොසැලෙමී සොඳුරේ ප්රේමෙන් මා