Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ape Kathawa
Tharindu Damsara
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සංසාරයේ පෙම් නැවතුම්පලේ
අපි හමුවීලා නොදොඩා ඉමූ
සිහින තුහින මල් හැලෙන පාරේ
තුරුපත් අගින් පින්න විසිරේ
කෙහෙරැල් අතර මුවග සැඟවේ, කොල සේ
අපි හමුවීලා නොදොඩා ඉමූ
අහසෙ නුඹ තියලා බලාගෙන
නෙත් පියන්වත් නොලා
හිඳින් නුඹ ළඟ නතරවෙන්නම්
කෝල බැල්මෙන් නුරා
ඉතින් අත් පටලවා යනකොට
ඉසුරුමුණියට පවා
සත්තකයි ඉරිසියාවක් ඇති
නොමල ප්රේමය නිසා
ඉල් මහේ නිලි වැස්ස අරගෙන
නැකැත් දවසක් බලා
අපි අපේ වග ලොවට කියමුද?
තවත් කුමටද පමා
හඬ නඟා මොනවා කියන්නද?
ඇස්වහට ඉඩ තියා
සංසාරයේ ඉම දකිනකම් අපි
හමුවීලා නොදොඩා ඉමූ
සංසාරයේ පෙම් නැවතුම්පලේ
අපි හමුවීලා නොදොඩා ඉමූ
සිහින තුහින මල් හැලෙන පාරේ
තුරුපත් අගින් පින්න විසිරේ
කෙහෙරැල් අතර මුවග සැඟවේ, කොල සේ