Skip to content

Adawan Daasin

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මිය යයි විගසින්..//) (පමා වෙවී හිඳිනට නැත වේලා කාලය ඉගිලී යයි ඉගිලී යයි..//) (සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා..//) මීවිත උතුරා යයි උතුරා (අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මිය යයි විගසින්..//) අවුල් දුහුල් වල සිහිල් පහස් වැද නගනා රංගන නොනවත්වනු මැන ඒ ගී හඩ මුලු ජීවිතයම සතු රස බර සුළු මොහොතයි සුළු මොහොතයි (රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ..//) හෙට දින එය මිය යයි මිය යයි (අඩවන් දෑසින් පවසනු රහසින් ජීවිතයේ රස මිය යයි විගසින්..//)