Math Wee
Doctor
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සඳ පායන ලස්සන සීතල දවසක
රන් තරු වැනි ඔය ඇස් දෙක පවසන
මින් පෙර නොව සුව රහසක් මට ඇසුනා
නා දළු වන් ඔය සියුමැලි තොල් මත
පොපියන හසරැල් අතරේ සැඟවුන
පැතුමද සෙනෙහස බව නම් මට හිතුනා
මත් වී මා සිතේ හැඟුමන්
සැතපේ ඔබ හා රහසින්
රඳවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
ඔය දෑස මාගෙ දෑස ගාව රන්දා
ඔබ කීව රහස ආදරේද මන්දා
හිනැහෙන්න මාගෙ දෑතෙ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්
සොයමී ඔබගේ උණුසුම්
හැමදාම උන්නෙ පාළුවේම හින්දා
වෙන්වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රඳවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්
මත් වී මා සිතේ හැඟුමන්......//