Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Yogeshwari
Charitha Attalage
Popularity · Low
+
Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්
හිසේ එක මල් රේණුවකින්වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්
විදුලි සඳ එළි වලින් දිය වී
සැඟවෙලා නුඹ ඉන්නවා නම්
කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං දන්නවා මං
දුඹුරු දෑසම කඳුළු පුරවන්
හිස හැරුනු අත දුවනවා නම්
කැරලි කොන්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවා නම්
දුඹුරු දෑසම කඳුළු පුරවන්
හිස හැරුනු අත දුවනවා නම්
කැරලි කොන්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවා නම්
අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්
Yeah
Westනාහිර
Manasick
මගේ ළය මතින් උඹ පලාගියේ ගෝපුරයත් පරදා
හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා
ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලිලිතය
හැර පමණක් තිලකය ගියේ එන්නයි, වළදා
මග වැටී ඇති දෑසමන් පෙති කියයි හෝඩුවා
තැලී රක්තයට බිලි වී, කාගේ ලෙයමද? තේරුවා!
කාගේද උණ්ඩය? මුළු රෑ අහසේ පිපෙනවා!
බිම වැටෙයි පරවී, උඹේ "ගොදුර" උඹව හොයනවා!
පොලව දෙදරා! පැළවී මළවුන් දිස් උනෙත්
උන් පොදි වී එක රොදට, ඇයි ඉඩක් හිස් උනෙත්?
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන්
වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත්
ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක්
තාමත් නිමාකර නැති උඹ මට මහා ඛේදයක්
තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව චේදයක්
කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක් ඔව් නිකේතයක්
අද දිරා පත් වී බලා ඉඳලම චිතකය
මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය
මාන බැලුවා උන් දඩයමේ උඹයි ඉලක්කය
දැල්වුවාද ඔය නළලේ තිබ්බාද රතු තිලකය?
මේ කාලකන්නි පොලව දාලා
උඹ කොහේ යන්නද?
කොහේ හරි ඇති මං දන්නවා!
ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දියවෙලා සේදිලා මැකුණා
ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දියවෙලා සේදිලා මැකුණා
අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මග බලනවා නම්
තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්
හිසේ එක මල් රේණුවකින්වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්
විදුලි සඳ එළි වලින් දිය වී
සැඟවෙලා නුඹ ඉන්නවා නම්
කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං දන්නවා මං
විදුලි සඳ එළි වලින් දිය වී
සැඟවෙලා නුඹ ඉන්නවා නම්
විදුලි සඳ එළි වලින් දිය වී
සැඟවෙලා නුඹ ඉන්නවා නම්