Mage Oru Kandath Dirala
Mariance
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගෙ ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ...
ඔරු කඳත් දිරාලා
කොල්ලෑවෙ ලණු කැඩීලා
ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිවරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නෙ හද පුරවාගෙන පැතුම්.....
මා දියඹේ අගාදයේහි
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මා ඔරුව පුරා ගොඩට ගේනවා....
අව්ව සැරයි සුළං වැඩියි
සැඩ සුළඟින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රල නැග ඒවී
ජීවය මරණය අතර සටනකි..
ඔරු කඳත් දිරාලා....
වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එන තුරු දරුවන් මග බලා සිටී
වෙහෙස වෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ......
ඔරු කඳත් දිරාලා....
හෝ.. හෝ.. හෝ.. හෝ..
දෑත රිදෙයි ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුළුගත නැහැවෙයි
දරුවන් හා බිරිඳ සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නෙම්.....
ඔරු කඳත් දිරාලා....
මා දියඹේ....
හෝ.. හෝ.. හෝ.. හෝ...