Kiri Muda Kalabala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
ගීතයයි මලයි සිහින ලෝකයයි
රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි
සිහිනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ
තරු මෙන් ගුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි
තාත්තගේ සිතේ පැතුම් පිරි ඇතේ
අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ
ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ
සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි