Skip to content

Mage Asurin

Shalinda Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මගේ ඇසුරින් මිදිලා පියඹා යන්නට ඇයි සිතුවේ සොඳුරේ වෙන් වන්නට සිත පැතුවේ සැමදා ළඟ ඉන්නට (හද ලතැවේ බෑ ඉවසන්නට.....//) වියැකෙන්නෑ හද කැඩපතේ ඔය රුව සදා හුසමක් වැටෙන්නේ ඔබ ගැන අස අසා හදගිනි දුරලන්න කඳුලැලි වියලන්න යළි එනු පුළුවන්ද මා ගැන සිතා...... මගේ ඇසුරින්...... පණ කෙන්ද මිය යන්නට ටිකකට කලින් ළඟ ඉන්න හැකි නම් ඉහටත් උඩින් මේ භවයේ නැත්නම් මින් මතු භවේදි මගේ වී ළඟ ඉන්න පතමි සිතින්...... මගේ ඇසුරින්.......