Skip to content

Numba Kohe Sangawune

Chamath Fernando, Ashini Wanigasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නුඹ කොහේ සැඟවුණේ සේද විල්උද පිරුණු සිටුවර අඩවියේ මං කෙසේ පැමිණෙමි ඉරුණු මිරිවැඩි තබා නුඹ ගිය මාවතේ...... මා හද නිම් නෑ මතක නදියේ ඔබේ නම රැඳුනේ සෙනෙහේ තෙලි තුඩ සතුටු පැහැයෙන් රූ රටා මැව්වේ ළමැද උණුහුම සුව නැතිද ළඳුනේ සොඳුරු සියුමැලි වත කමල මා රණ විලේ සතපා හැඟුම් ගී වැල් මිණි හඬින් මුමුණා දුටුව සිහිනය හැඩ නිතිද ළඳුනේ...... අහස ගුගුරා හඬා වැටුණා ඔබේ නෙත නොහඬයි සයුර කැළඹි හිරු සැඟෙව්වා ඔබේ හිත නිසලයි සුසුම් සත්සර සෝදුකින් නද දෙයි නිල් මැණික් මුතු පලක් විසිරුණු විසල් සිටු මැදුරේ රන් බෙලෙන් ආදරය ගිල දැමුවේ අමිල සෙනෙහස මිල වුණිද සොඳුරේ....... නුඹ කොහේ සැඟවුණේ.....