Ridunu Sithak
Sujith Wadanambi
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම්
ඇතිවන තුරු මා රිදවා ඔබ සැනසෙන්න
ඔහු අත ගෙන මා අසලින් දෑඟිලි බැඳ යා හැකි නම්
හැමදාමත් මා රිදවා පියමැන යන්න
නෙත් තෙමා තෙමා කඳුලු බිංදු කඩා හැලෙන විට
සිහිවෙනවා මට පෙර අපගේ අතීතයන්
මට හඬන්න ඉඩදීලම ඔබ හිනැහෙන්න
නෙතින් කඳුලු බිමට හෙලා හැමදාටම මා තනි වෙන්නම්
සිත තලා පෙලා හදට කැන්දු සෙනෙහෙ බිඳුනු විට
උහුලන්නට බැහැ මට මේ දුක කොහොමටවත්
මට කියන්න වෙන කවුරුත් නෑ පෙර සේම
සිතින් ඔබව මගෙම වෙලා කවදාවත් බෑ වෙන්වන්න
රිදුනු සිතක් රිදවන එක ජීවිතයට ඔබෙ සුවයි නම්
ඇතිවන තුරු මා රිදවා ඔබ සැනසෙන්න
ඔහු අත ගෙන මා අසලින් දෑඟිලි බැඳ යා හැකි නම්
(හැමදාමත් මා රිදවා පියමැන යන්න...//)