Mage Mal Kumari
Viraj Abeysinghe
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මගේ මල් කුමාරි නිදි නේන රෑ
සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා
කාටත් හොරෙන් එන මග බලා
මං තාම පෙම් හීනේ හිඳිමි බලා
මගේ මල් කුමාරි නිදි නේන රෑ.......
නීල නෙතු හා අප කී කතා
පවනැල්ල රහසේ අහනවා
මගේ හිත පුරා ඔබ හිනැහිලා
මනමාල යායේ මේ පේන
මානයේ ළං වෙලා
සුවඳ රහසේ දැනෙනවා
සිත් මාද සිහිනේ සැතපිලා.......
මගේ මල් කුමාරි නිදි නේන රෑ
සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා......
ඔබ නැති නිසා නෙතු දවනවා
තුරු වදුලේ කඳුළු සලනවා
විල් දිය පුරා මල් පෙති සලා
සුළි සුළඟේ එතිලා ඔබ ගියේ
හීන දෑසේ රැවටිලා ගෙවුණු මතකේ රිදවනා
කවදාද එන්නේ සැරිසරා......
මගේ මල් කුමාරි......