M i n i s a t h k a m a (Mixtape)
Drill Team Westnahira
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
දෙසැම්බර් 26 කම්පා කලා සක්වල
දිනයක්ද නැති වූ මිනිසත්කම
කුරිරැකම් වෙලිලා සිත් අද්දර
කවුරුන්ද මිනිසා මේවා ප්රශ්න පත්තර
සැඩ රැළි පහරක් අනේ බේරගන්නේ
ඔහු විලාපේ ඇසි බේරගත්තේ
දැක්කා ඇගේ මාලේ පව්කාර වාහේ
තල්ලුකලා රැල්ලට කඩාගෙන මාලේ
පාරේ මියගිය සිරුරු සොයමින් කෙලසුවා සොයුරියනගේ සිරුරු
නාවේ ඇයි මිනිසත්කම ගියාද ගහගෙන දිය පාරේ
සිත් මානේ මාගේ
ශෝක සන්ථාපය පිරුනු ලිපිය දෙවියන්ගේ බාරේ
නොව කියන නිසාවෙන්
බලන් හැරි මදක් බිඳක් ජීවිත අඳුරු පාරේ
දස මසක් කුස තුල සිය පුතු රැකගත් මවක්
රන් කිරි කටගෑ ඔහු වෙයි ඇයට හඳක්
නෑ ඔහුට හදවතක්
කලේ තම මවට අතවරයක්
නෑ මගෙනන් අවසරයක්
හිතපන් තව සැරයක් දෙසැරයක්
කරනට පෙර මෙවැනි අපරාධයක් තව දෙයක්
මේක අමුතු ලෝකයක්
අමුනුස්සකම් කර ලැබෙයි දෝ සැපක්
නෙතු පියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පාවී දැනිලා රුදු බව ලොවේ
දඩුවම් කලත් නෑ වියැකෙන්නේ අමුනුස්ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබ සතු ඔබේ ජිවිතේ
බඩට නොකා දරුවන් හැදූ ඒ මව
සෙනෙහස පුරවා ගත් ඒ ඇස් දෙක
මේක කාපිය මේක බීපිය
කියමින් ආවා නේද උඹේ පසුපස
හෙලුවත් දහඩිය මව පිය දෙදෙනම
සිය දරුවන් කරඳඩු උස් වුනු කල
අතහැර යයි දුකක් නැතුවම වාගේ
දෙමපියන් උරුමද මහලු මඩමකට
පිං දිය යුතුයි උඹව කළු ගඟට
දුක් විය යුතුයි උඹව මඩමකට
අතහැර නොගියා ඒ මව ඒ බව දැන දැන අතහැරියේ ඇයි ඇය?
මේක පව නැගෙයි තරහව මේවා දැක
අහංකාර හිත කුරිරු අදහස් උඹ
පෑරුවා දෙමාපියන්ගේ ඒ සිත
ප්රශ්න කරපන් උඹ උඹේ හ්ර්ද සාක්ෂිය
වාසිය මුල් කරගෙන කාසිය
කිරි පෙවු මව වෙලා බිරිඳගේ දාසිය
මේ ඇයි කිමදැයි
ඈ දෙවියන්සේ සැලකිය යුතු නොවේදැයි
වැළලුවාද මිනිසත්කම දුර්ඟන්දය හමයි දසත කුරිරු කම
නෙත් පියන් දුක් තියන් හිත් තද කරන්
ඉනු එපා තව දුරටත් ඇරපන් නෙතු පියන්
ගිනි ජාලා කුරිරුකම්
කොහොමද උහුලන්නේ මිහි මව්නේ
වී අවධානම් මා එළිය බැලූ ලෝකය
නෙතු පියන් හැර බලන්
බලන් බලන් අපි අඳුරේ
මිනිසුන් මරා යයි නිදි පැදුරේ
සෙලවූ ලෙය සයුරක් වාගේ
මිනීද කහවත්තේ මිනිද ගොඩගන්නේ
දස මසේ උරේකත්වා
රැක බලගන්නේ අවසන් සුසුම දක්වා
උදිකාරෝ අලින්ගිථ්වා
හදා වඩා සැප සම්පත් දී මග පෙන්වා
දුන් ඒ දෙමාපියන් මහළු මඩමේ
තනිකලත් ආසිරි පතනෙමි පුතුනේ
ඇඬුනේ දුකට නෑ වෛර කෙරුවේ
නෙතු පියන් හැර බලන් උඹ අඳුරේ
නෙතු පියන් හැර බලන් සිදුවන දේ මේ ලොවේ
මිහිමව අද කම්පාවී දැනිලා රුදු බව ලොවේ
දඩුවම් කලත් නෑ වියැකෙන්නේ අමුනුස්ගති මේ ලෝකයේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබ සතු ඔබේ ජිවිතේ
දඩුවම් කලත් නෑ වියැකෙන්නේ
සියලු දේ අතහැර විමසන් කෝ ඔබ සතු ඔබේ
ජිවිතේ