Skip to content

Athini Mawuni Daru Lada Pasu Athinna

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇතිනි මවුණි දරු ලද පසු ඇතින්න ඇතිනි රැලට කිරි එරුණිද කියන්න නෙතිනි හඬන ලක් මවුණී දියණි කොතැනදෝ වැටුණී පතිනි මවුණි සළඹ උනා පංචායුද දරන්න ඇය වේමැයි .... අප විද්‍යා ඇය වේමැයි .... අප සේයා ඇයයි රිසානා නොඑනා පතිනි මවුනි පොළොවෙ හැපී සළඹ හඬින් හඬන්න යකඩ පිරිමි හද පෑරි ලේකිරි බිඳු එරෙන්න ඇතිනි මවුණි .... ඇය වේමැයි .... ඔබෙ අම්මා ඇය වේමැයි ... ඔබෙ නංගා දෝණි කිරිසිනා නගනා පුතුනි ඔබෙ මවු සොයුරිය කිරිකැටි දුව රකින්න තෙදැති ගුණැති පිරිම කමට මල් පූජා කරන්න ඇතිනි මවුණි ....