Himi Nethi Pemakata
Malani Bulathsinhala
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගේ බොලඳ වෙලා
අන්සතු හඳකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී
හිමි නැති පෙමකට ....
කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතෙයි අත්තටු නැතද ලැබී
වරම් නැතේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනැහෙනු මැනවී
හිමි නැති පෙමකට ....