Amma Jeewana Uyan There
Chandrasena Hettiarachchi
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ.......
අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ.........
සඳවතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන......
අම්මා ජීවන උයන් තෙරේ.../
කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන.....
අම්මා ජීවන උයන් තෙරේ...//